Sun. Oct 2nd, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක  විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක පවසයි.

රන්ජන් රාමනායක බන්ධනාගර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක මහතා විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවත්  හෙතෙම සඳහන් කරයි.