ඉකුත් (9) දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.