Sun. Oct 2nd, 2022

2020 මාර්තු මසයේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රට බංකොළොත් වෙලා යැයි  දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා කරුණක් බවත් හෙතෙම පවසයි.

IMF එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙල හදන ලෙස IMF 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද ඔහු  පවසයි.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළඝ කළේය.