Mon. Oct 3rd, 2022

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු  සැකකරුවකු ලෙස නම් කරන බව නීතිපතිවරයා ඊයේ (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර තිබේ.

මෙම සිද්ධියට අදාළමහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (01) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය එසේ සඳහන් කර ඇත.