Tue. Oct 4th, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  මධ්‍යම කාරක සභාව විසින් ගත්  තීරණයට පටහැණිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත්  මන්ත්‍රීවරුන් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.