Sat. Oct 1st, 2022

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව  නෙලා ගැනීමට  වනාන්තරයට ඇතුළු වීම සඳහා  මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

වනාන්තර වල වැවෙන කොස් සහ දෙල් ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද  අමාත්‍යවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට පැවසීය.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම් වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට  නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ  නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දී ඇත.