අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රි මහින්ද කහඳගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉකුත් (9) දින සිදු වු සිද්ධියට අදාළව මොහු ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉකුත් දා නියෝගයක් නිකුත් කර තිබුණි.
එ අනුව මෙම සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.