Wed. Jan 25th, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වෙයි.එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.ගාල මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයන්ට පසුගිය 9 වැනිදා පහර දී මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබිණි.ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.