Sun. Oct 2nd, 2022

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ මෙම මස 30 වැනිදායින්  නිල කාලය අවසන් වීමට නියමිතය.

ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කළ යුතුව ඇත.

මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇති අතර ඒ අනුව මුදල් ඇමති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදුසු අයෙක් නම් කළ යුතුව තිබේ.

මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර 6ක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේ පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නිල කාලයේ අවසන් මාසයය.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන අයද මහ බැංකු අධිපතිවරැන් ලෙස කටයුතු කර ඇත්තේද එම ධුර කාලයේ ඉතිරි කාලයයි.

මේ වන විට නන්දලාල් වීරසිංහ මහතා ගත කරන්නේ 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ 6 වසරක නිල කාලයේ අවසන් මාසයයි.