Sun. Oct 2nd, 2022

රුසියාව වෙත ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

රුසියානු Aeroflot ගුවන් සේවාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවීම මත මෙම තීරණය ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

රුසියානු Aeroflot ගුවන් සේවාවේ ගුවන් යානාවක් කටුනායක රඳවා තබා ගැනීම හේතුවෙන් එම ගුවන් සේවාවේ සියලු යානා ශ්‍රී ලංකාවට ඒම අත්හිටුවා තිබේ.

එමෙන්ම මෙරට සිටින සියලුම ජාතිකයන් ආපසු කැඳවීමට ද රුසියාව තීරණය කර ඇත.