Tue. Oct 4th, 2022

මාතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේ එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත්කම නිසා සිදුවන්නට ගිය අනතරු වැලක් වළක්වා ගැනීමට අද අලුයම හැකි විය.

දුම්රිය හරස් ගේට්ටුව වසා නොමැති බව දුරතියා අවබෝද කරගත් සාගරිකා දුම්රිය රියැදුරා වාහා දුම්රිය නතර කර ඒ ගැන විපරම් කර ඇත. පසුව සොයා බැලීමේදී දුම්රිය ගේට්ටුකරු නොමැති බව දැන ගැනීමෙන් පසු දුම්රිය සහායක ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා මාර්ගය දෙපස වාහන නතර කර දුම්රිය ධාවනයට අවශ්‍ය වටපිටාව සලසා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සාගරිකා දුම්රියේ රියැදුරා  මාතර දුම්රිය ස්ථානය දැනුම්වත් කර ඇති බවද වාර්තා වෙයි.

මේ නිසා සාගරිකා දුම්රිය මිනිත්තු පහක කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

මේ අතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුකරු මාතර දුම්රිය ස්ථානයට දුරකතන ඇමතුමක් දී යතුරු පැදියේ පෙට්‍රල් අවසන් වු නිසා අතරමඟ නතර වි ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර ඇති බවද වාර්තා වෙයි.