Wed. Jan 25th, 2023

රටේ ජනතාවට  ආර්ථිකය කඩා වැටිලා යැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබීම අරගලයේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත්පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකා ඉතිහාසයේ සෞභාග්‍යමත්ම කාලය උදාවී තිබෙන බව කියූ අයට ආර්ථිකය වැටිලා  ගොඩ එන්න කවුරුත් එකතු විය යුතු යැයි කියන්නට  සිදු වී තිබෙන බව කී විජිත හේරත් මහතා  පහුගිය අයවැයේදී බෙදූ පොත් වල තිබී ඇත්තේ පට්ටපල් බොරු බවද සඳහන් කරයි.

දැන් තිබෙන ඉන්ධන ප්‍රමාණය  යම් සලාක ක්‍රමයකට බෙදන ක්‍රමයක් හදන්නැයි ද තෙල් බෙදා හැරීමට යම් සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.