Sun. Oct 2nd, 2022

සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

වන රක්ෂිතවල වැවෙන කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිතවලට ඇතුළු වීමට ජනතාවට අවසර ලබා දිය යුතු බවට වන යෝජනාවක් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ යෝජනාව ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවටත් කොස් දෙල් අල බතල ආහාර සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසයි.

වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.