Tue. Oct 4th, 2022

යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේනතවේදී  (7) පැවසීය.

පොහොට්ටුවේ අය අවුරුදු හතරහමාරක් එතුමාට බැණ වැදුන බව කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමය නිවැරදි බව අද ඔප්පු වී තිබෙන බව සඳහන් කරයි.

අගමැතිගේ කතාවේ වියදම් ලැයිස්තුවක් කිව්ව නමුත් ඩොලර් ලැබෙන්නේ කොහොමදැයි නොකී බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රුපියල් අච්චු ගහන්න පුලුවන් වුණාට ඩොලර් අච්චු ගහන්න නොහැකි යැයිද  අගමැති කතාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිසිවක් ඉදිරිපත් කළේ නැතැයි ද පවසයි.

ඇමතිවරු ප්‍රශ්න කියන නමුත් උත්තර ඉදිරිපත්  කරන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  වැඩිදුරටත් පැවසීය.