Tue. Oct 4th, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ අග්‍රාමාත්‍යවරයා  දුරකථන සාකච්ඡාවක් පැවැත්වා ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඉහත ඉල්ලීම කර ඇකි බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කාණ්ඩයම පැමිණිවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්  ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර ශ්‍රී ලංකාව සහ මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා  රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන කර තිබේ.

දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීමට මුල්‍ය අරමුදලේ  කළමනාකාර අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරයා  සමඟ පැවැති දුරකථන සාකච්ඡාවේදී කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය  කාර්යාලය පවසයි.