Thu. Feb 2nd, 2023

තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළ බවත්  කිසිවකු සමග තරහක් තමාට නැති බවත් ප්‍රතිපත්තියක්  අනුව මෙම තීරණය ගත් බවත් ඒ මහතා  පැවසීය.

තමා ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා නොගන්නා බවද හෙතෙම සඳහන් කළේය .ආණ්ඩුව හරයාත්මකව වෙනස් විය යුතු බව ද චම්පික රණවක මහතා සඳහන් කළේය.