Mon. Oct 3rd, 2022

ඉන්ධන පෝලිම අඩු වෙන්න නම් විදුලි බලය අඛණ්ඩව ලබා ලබා දීමේ වැඩපිළිවෙළට යා යුතු බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අඛණ්ඩව විදුලිය දෙන්න නම් ඩොලර් මිලියන සීයක් මාසයකට අවශ්‍ය බවද කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි බල මණ්ඩලයේ මේ වසරේ පළමු කාර්තුවේ පාඩුව රුපියල් බිලියන 65 ක් බව ද අමාත්‍යවරයා පවසයි.