Sun. Oct 2nd, 2022

සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද අනාවැකියක් බව ක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති .

”ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදුවෙනවා” ය කියන කKගාටුදායක ආරංචිය ඔහු ප්‍රකාශ කළා පමණයි, හාල් හිඟයක් නිර්මාණය වුණා. නිර්මාණය වුණු හාල් හිඟයේ ඊළඟ පියවර මොකක්ද? වැඩි මිලකට හාල් විකිණීම. මෙන්න මේ අසාධාරණ ව්‍යාපාරය ඉදිරියට මුළු රටටම බලපානවා. මේකටත් ප්‍රධාන හේතුව වුණේ දුරදිග නොබලා වගකිවයුත්තන් කරන ප්‍රකාශ යි. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය වගකිව යුතුයි. පාරිභෝගික අධිකාරිය වගකිව යුතුයි. යැයි උන්වහන්සේ සඳහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.