Sun. Oct 2nd, 2022

ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වොෂින්ටන් ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයින්ඩන් මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන අතර ඔවුන්ට ස්තුතිය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කියා සිටිී.