Sun. Jan 22nd, 2023

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට තොරතුරු අනාවරණයවී තිබේ.මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊ‍යේ(16) උපදෙස් ලබා දී ඇත.මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් 450කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී තිබේ.