Sun. Oct 2nd, 2022

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත ගසා ඇත්තේ ලෙහෙසි වැඩකට නොවන බව ආඩපාලි කියන කණ්ඩායම් ද හොඳටම දන්නා බව එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

අසීරු මොහොතක මෙවැනි අමාරු කර්තව්‍යයක් කළ හැක්කේ යකඩ හිතක් ඇති මිනිසෙකුට පමණක් බවද රංගෙ බණ්ඩාර මහතා කීය.

රාජපක්ෂ පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වී උදව් දෙන රටවල් සම්පූර්ණයෙන්ම ඈත් වී තිබූ අතර අද රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සියළු රාජ්‍ය එකතු කර ගන්නට හැකි වී තිබෙන බවද එජාප මහලේකම්වරයා කීය.

එසේ තිබියදී විපක්ෂ නායකවරයා ඇතුළු සජබයේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන් “රනිල් ආවම ජාත්‍යන්තරයෙන් ලැබෙනවා කියු ආධාර කෝ” කියා අසන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර නොගත්තා නම් මේ වන විට ලොකු විනාශයක් වී හමාර බවත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.