Sat. Jan 28th, 2023

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ  (16) උපදෙස් ලබා දී තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වුණු  අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

විදේශ විනිමය කඩිනමින් උපයා  ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා  පුළුල් කළ යුතු බව ද ඔහු එහිදි සඳහන් කළේය.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබා ලබාදෙන සියලුම ආයතන එකම මේසයක සිට ගැටළු විසඳීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය.