Sat. Oct 1st, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයේ දිගටම තියාගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.