Sun. Oct 2nd, 2022

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ 3ක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි.

මෙම සහල් කිලෝ ලක්ෂ 3 වෙනුවෙන් ලංකා සතොස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට මුදල් ගෙවා ඇති බවද එහෙත් සැබෑවටම එහි ගබඩාවලට මෙම සහල් තොග පැමිණ නැති බවද වාර්තා වෙයි.

එයින් ලංකා සතොසට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 6කට ආසන්න බවද ලංකා සතොස ආරංචි මාර්ග පවසයි.

එම සහල් තොග හොරොව්පතානේ සහල් මෝලකට යොමුකර එහිදි නැවත ඇසුරුම්කර දේශීය සහල් ලෙස වෙළඳපොළට වැඩි මිලට නිකුත් කර ඇති බවද වාර්තාවේ.

මෙම සහල් වංචාව සිදුකර තිබෙන්නේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහල් ආනයන ව්‍යාපෘතිය භාර කළමණාකරුවන් දෙදෙනෙකු සහ ලංකා සතොස ආයතනයේ ගබඩා කළමණාකරුවකු විසින් බවද වාර්තාවේ.