Sun. Oct 2nd, 2022

නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ඊයේ (21) පස්වරුවේ පවසා තිබේ.

මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් එම පොලිස් කණ්ඩායම පක්‍ෂ මූලස්ථානයට පැමිණි බව කී පුබුදු ජාගොඩ මහතා වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.

පොලිසිය කඩා වදින විට පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බවත් සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකයෝ ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවත් ඔහු පවසයි.

පක්‍ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව ඒ වන විට මුලස්ථානයේ සිටි සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර ඇති බවත් ජාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.