Sat. Jan 28th, 2023

හෝමාගම මාකුඹුර ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සඟවා තිබූ  රුපියල් ලක්ෂ පහකට අධික ඩීසල් තොගයක් සමග එම ව්‍යාපාරිකයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙයි

ලීටර් පන්සීයේ වතුර ටැංකි දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1000 තොගයක් හා ලිටර්  200 බැරල් දෙකක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400 ක් පොලිසිය මඟින් සොයාගෙන ඇත

ලීටර් 400 අඩංගු ඩීසල් තොගය ගබඩා කර තිබුණේ නිවසේ ඉහළ මාලයේ තබා තිබූ ප්ලාස්ටික් වතුර ටැංකියක බවත් පොලිසිය කියයි

මෙම ව්‍යාපාරික නිවසේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන බවට පොලිසියට ලැබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය