ශ්රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්රවේශපත් මිල අද (11) සිට 27% කින් ඉහළ දමන බව ශ්රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.
ඒ අනුව ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්රවේශ පත්ර ගාස්තුව ඉහළ නංවා ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්රවේශ පත්ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්රවේශ පත්ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .