ජනාධිපති වරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව ද පැවසූ ජනාධිපතිවරයා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද කීය.