Mon. Oct 3rd, 2022

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාග මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුව, ඉල්ලා අස්කරගන්නවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබන මැයි මස 6 වැනිදා දැනුම් දෙන බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දී තිබේ.

කුමාර වෙල්ගම මහතාගේ නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට සැකකාර පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාලය ලබා දෙන ලෙසත් මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චූදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (11) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.