Fri. Jan 27th, 2023

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී දැන් ඇරැඹි තිබේ.

රහස් ඡන්දයක් බැවින්  ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ ඡායාරූප ගැනීම ව්‍යවස්ථාව අනුව වරදක් බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

සම්ප්‍රදායානුකූල විනාඩි පහක් පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව හැඬවීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඇරඹිණි.

ඡන්ද විමසීම ඇරඹීමට පෙර හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කෙරිණි .අනතුරුව ඡන්ද පෙට්ටි අගුළු දමා සීල් කෙරිණි.