Mon. Oct 3rd, 2022

අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරන්නට විය.

පෝස්ටරයේ එම ලාංඡනයේ  “I.O.ස” යනුවෙන් සටහන්ව තිබිණු අතර එම ලාංඡනය සහිත පෝස්ටරය මුලින්ම ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර  ජයමහ මහතාය.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු කතා කරන අවස්ථාවේදී ඔහුට සභාවේ කැමරාව යොමු වන ට   එම කැමරාවට හසුවන සේ   ඒම පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  කටයුතු කරන්නට විය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට  කිසිදු බාධාවක් එල්ලවූයේ නැත.