බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් ඊයේ (23) රාත්රී ගාල්ල, වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්වීය.
ප්රදේශවාසීන් රැසක් පන්දම් පත්තුකරගෙන මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ බඩගින්න දැරිය නොහැකි තත්වයකට පත්වෙමින් ඇති බවයි.
එබැවින් රජය වහාම පාලන බලය අතහැර මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත හැකි රජයක් පත්කළ යුතුයැයි ද උද්ඝෝෂකයෝ පැවසීය.