Sun. Oct 2nd, 2022

ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර ඇති බව වාර්තා වෙයි.

මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම් 2ක්, සැමන් උපරිම ටින් 1ක් සහ පොල්ගෙඩි උපරිම 3ක් වශයෙන් භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ පවසති.

බොහෝ ලංකා සතොස අලෙවිසැල්වල සීමා කර ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු පවසයි.

මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුණත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාණ්ඩ නොතිබූ බවත් පාරිභෝගිකයේ සඳහන් කරති.

සම්බා කිලෝව රුපියල් 130ක්, සුදු සහ රතු කැකුලු කිලෝව 105ක්, සුදු සීනි 130 ක්, දුඹුරු සීනි 158ක්, රතු පරිප්පු කිලොව 360ක් ආදි ලෙස සතොස අළෙවි සැල් මගින් භාණ්ඩ අළෙවි කරනු ලබයි.