Sat. Oct 1st, 2022

ජීවන මිල ඉහල දැමීමට එරෙහිව සවිස්ත්‍රී කාන්තා සංවිධානය මාතර නගරයේ දී අද උද්ඝෝෂණයක නිරත වී තිබේ.

විශේෂයෙන්ම වැඩි වී ඇති ජීවන වියදම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක්ව ඇත්තේ කාන්තාවන් බවත් එම නිසා රජය ඒ පිළිබඳව වහා අවධානය යොමු කළ යුතු බවත් ඔවුන් එහිදී අවධාරණය කර ඇත.

පැයක පමණ කාලයක් පැවති මෙම විරෝධතාවය සඳහා මාතර, දෙවිනුවර, ගන්දර, වැලිගම ආදී ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ පිරිසක් සහභාගි වූහ.