Sun. Oct 2nd, 2022

පවතින ඉන්ධන හිගය හේතුවෙන් රුහුණේ මී කිරි කර්මාන්තයට කඩා වැටි ඇතැයි තිස්සමහරාම හා අවට ප‍්‍රදේශවල මීකිරි නිෂ්පාදකයින්  සඳහන් කරයි.

ප‍්‍රදේශයෙන් පිට ප‍්‍රදේශයන්හි පිටපට්ටි කර ඇති දෙනුන්ගෙන් දොවා ගන්නා දියර මී කිරි ප‍්‍රවාහනය කර ගැනීමේ දී හා මුදවන ලද මීකිරි පිට ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර ගැනීමට වාහන නොපැමිණිම හේතුවෙන් මෙම තත්වය උදාවි ඇති බව පවසන ඔවුන් වාහන සදහා ඉන්ධන නොමැති විම මීට ප‍්‍රධාන හේතුව බවද ඔවුන් පවසයි.

වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පවතින ලදු කැලෑ ප‍්‍රදේශයන්ගෙන් තිස්සමහරාම අමරවැව ප‍්‍රදේශයෙන් හා ලුණුගම්වෙහෙර, කඩවරවැව ප‍්‍රදේශයෙන් තණ බිම් දෙකක් නාමිකව කිරි ගොවින් වෙත ලබා දි ඇතැත් එහි ගව පාලනයට අවම පහසුකම් වත් නෙමෙැති වීම හේතුවෙන් කිරි ගොවීන් විසින් තම කිරි ගවයන් තණමල්විල, කුඩාඔය හා මොණරාගල සියඹලාආණ්ඩුව, කොටියාගල වැනි දුර ප‍්‍රදේශවල පිට පට්ටි කර තිබේ.