Sat. Oct 1st, 2022

අපි මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරලා ඔය උද්දච්ච පාලනය අහෝසි කරනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) මහනුවරදී  සඳහන් කර තිබේ.

ඉදිරියේදී රාජපක්ෂවරු කිසිවෙකුත් බලයට ගේන්නට කිසිදු කැපකිරීමක් නොකරන බවද හෙතෙම එහිදී පවසා ඇත.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට  මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්විමින් වීරවංශ මහතා මේ බව ප‍්‍රකාශ සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා තිබේ..

මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. පක්ෂ 11ක් මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහනායක හිමිවරුන්ට අද පිළිගන්වලා අපේ ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලාව දැනුවත් කළා.
මේ ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවාද එහෙම නැත්නම් රනිල් වික‍්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවාද කියලා අපි දන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි. හිටපු අගමැතිවරයෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා එතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා. සර්වපාක්ෂික සමුළුවේදීත් ඔහුට ඕන ගැටුමක්. උද්දදච්ච අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යන්න බැහැ.