Sun. Oct 2nd, 2022

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ කරුණ්‍ර තහවුරු කිරීමට ලබන මැයි 19 වැනිදාට කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබේ.

ආර්. ගුරුසිංහ, ඒ. එස්. කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (28) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

ඒ අනුව මෙම නඩුවේ කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන මැයි මස 19 වැනිදාට කැඳවන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී ඇත.