ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලෙස පමණි. සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාවෙන් ලොකු පහසුවක් ඇති වනු ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී පමණ කල් ඉකුත්වීමට නියමිතව තිබේ.