Mon. Oct 3rd, 2022

වසර දෙකහමාරයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාටවත් නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඊයේ (27) මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් විසුරුවාහරිනවා හැරෙන්නට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමාටවත් බැහැ.කවුරුන් කිව්වත්… ජනාධිපතිතුමාටවත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එකතුවෙලා මොනවා හරි වෙනසක් කර ගන්නවා නම් ඒක වෙනම කතාවක්. නමුත් පාර්ලිමේන්තුව විසුරවාහරින්න වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ.”