Thu. Jan 26th, 2023

තමන් ආණ්ඩු කළ සමයේදී විදෙස් ණය යහමින් ලබාගත් වර්තමාන විපක්ෂයට රජයට විරුද්ධව චෝදනා එල්ල කරනවා හැර ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

තමන්ගේ යුගයේ දී ආර්ථිකයට කළ දැවැන්ත හානියේ වන්දි ගෙවන ජනතාව වර්තමානයේදී ද රැවටීමට යළිත් උත්සහා දැරීම කණගාටුම කරුණක් බවද මෙහිදි අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.