Sat. Oct 1st, 2022

රනිල්ගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ  (28) මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායකයා රට බාර ගතහොත් පැය 48ක් ඇතුළත පෝලිම් අවසන් කරන බව තමා කැට තබා පවසන බවද අබේවර්ධන මහතා සඳහන් කරයි.

කොළඹ ලන්ඩන් හවුස් ඔෆ් කොෆී හිදී පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකි පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ සැනින් ජාත්‍යන්තර උපකාරය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි. Post Views: 0