Fri. Jan 27th, 2023

ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩ බෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබා ගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බවද කී ඒ මහතා පෙට්‍රල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද සඳහන් කරයි.