Sun. Oct 2nd, 2022

මන්ත්‍රීවරුන්ගේ  පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය  අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්  එහි භෝජනාගාර අංශයට උපදෙස්දී තිබේ.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා (1) සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය ඒ සඳහා විවෘත කරනු ලබයි.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත්  සමග  පාර්ලිමේන්තු සංකීර්ණයට  පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණු අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට  මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන්  කොවිඩ්  එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ  මන්ත්‍රීවරුන්  රැසක්  සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන්  පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත්  කර තිබුණු අතර එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම අවස්ථාව ලබා දී තිබේ.