රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය නොසතුට පළ කර ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම දීමනාව මෙසේ අඩු කර ඇති තවදුරටත් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු මාසිකව ලබා ගන්නා ඉන්ධන ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන ලීටරයක් වෙළෙඳපොළේ මේ මොහොතේ පවතින මිල අනුව ඉන්ධන දීමනාව ඔවුනට ගෙවීම මේ දක්වා සිදුවූ නමුත් මන්ත්‍රීවරුන්ගේ මේ මාසයේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර ඇත්තේ ඉන්ධන ලීටරයක පැරණි මිල අනුව බවද වාර්තා වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් මාසයකට ඉන්ධන ලීටර් 355ක් ලබා දෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට ලබා දෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය 600කි.