Sun. Oct 2nd, 2022

වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක දිගින් දිගටම පොලීසිය මඟ හරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දී තිබේ.

ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම්කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම තැනැත්තිය අදාළ සිසුවාගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පාසලේ පරිගණක විද්‍යාගාරයේ සිට නිල ඇඳුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාළ බාලවයස්කාර සිසුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර 4ක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.