Sat. Oct 1st, 2022

මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයෙහි ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත ප්‍රදේශයේ ප්‍රචාරක රැළියක සැරසිලි කත කටයුතු කරමින් සිටි ආධාරකරුවන්ට වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනකුට චෝදනා එල්ල වී තිබිණි