ලන්ඩනයේ සිට යාපනයට පැමිණ සිටි පුද්ගලයකු ඔහු නැවතී සිටි නිවසේ ගංජා පැළ 4ක් සිටුවා තිබියදී කෝපායි පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
යාපනයේ කෝපායි, උරුම්පිරායි ප්රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා මීට වසර කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් එහි පුරවැසිභාවය ලද පුද්ගලයෙකි.
තවත් මිතුරකු සමග යාපනයට නිවාඩුවක් ගත කිරීමට පැමිණ ඇති මොහු රැදී සිටි නිවසේ ගංජා පැළ 4ක් සිටිවා තිබියදී කෝපායි පොලිසියේ විසින් මේවා අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායි පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.