Mon. Oct 3rd, 2022

දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්‍රදිනාන්දු පවසයි.

විදුලිබල මණ්ඩලය වෙත අනිද්දා දිනයේදී ඩීසල් තොගයක් ලබා දීමට ඛණිජ තෙල් සංස්ථාව එකඟ වී ඇති බවත් එය ලැබුණොත් විදුලිය කපන දෛනික පැය ගණන පැය 4 කට වඩා අඩු කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (31) පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.