නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී 1 පමණ වනවිට පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද ඔහු පවසයි.
=ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.