Mon. Oct 3rd, 2022

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇති බව වාර්තා විය.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා සංවේගයට පත්වූ අවස්ථාවක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද  රාජා හස්තියා පිළිබඳව සංවේගය පළ කර තිබේ.  එහි මෙසේ සඳහන් වී තිබිණි..”2005 වසරේ සිට මේ දක්වා මහනුවර දළදා පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරවය පෙරදැරි මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාගේ නික්ම යාම අසා මම ඉමහත් සංවේගයට පත් වුණෙමි.පුරා වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වී සිටි හස්ති රාජයාණෙනි, දළදා මාලිගාවෙහි සධාතුක කරඬුව ගෞරවයෙන් වඩමවා සිදු කර ගත් උතුම් කුසලයෙහි ආනුභාවයෙන් ඉදිරි ආත්මභවයක උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!යි ප්‍රාර්ථනා කරමි.”